හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අගෝස්තු මස 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔහු අද පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේ සිදු වූ පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාලව නිශාන් උළුගේතැන්න මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 28 වනදායි.

සැකකරු පොල්ගහවෙල මසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබුණා.