Published
හීලෑ අලි ඇතුන්ගේ හිඟය හේතුවෙන් මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයට ද බලපෑම් එල්ල වී ඇතැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ගියවර පෙරහැරට එක් වූ හීලෑ අලි ඇතුන් පස්දෙනෙකු මේ වසර වන විට මියගොස් ඇති බවයි.
200ක් වූ මෙරට හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව මේ වන විට 91ක් දක්වා අඩු වී ඇති බවයි දියවඩන නිලමේවරයා පැවසුවේ.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යය ජුලි මස 25 වනදා සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව ආරම්භ කෙරෙනවා.
දේවාල අභ්‍යන්තර පෙරහැර දින 05ක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහැර ජුලි 30 වනදා වීදී සංචාරය කිරීමට නියමිතයි.
අගෝස්තු 04 වනදා පළමු රන්දෝලි පෙරහැර වීදී සංචාරය කෙරෙනවා.