හුංගම, වාඩිගල, රන්න ප්‍රදේශයේ නිවසක් තුළ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් කපා කොටා ඝාතනය කර තිබෙනවා. ජීවිතක්‍ෂයට පත්ව ඇති පිරිමි පුද්ගලයා සිය මිතුරෙකුගේ නිවසේ සිය අනියම් බිරිඳ සමග රැඳී සිටියදී මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් 05 දෙනෙකු නිවසට ඇතුළු වී තියුණු ආයුධවලින් එම ඝාතනය සිදු කර ඇති බවයි හුංගම පොලීසිය පැවසුවේ. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. මෘත ශරීර මහේස්ත්‍රාත් පරික්‍ෂණය සඳහා යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන හුංගම පොලීසිය මගින් ක්‍රියාත්මකයි.