හුංගම, පිංගම ප්‍රදේශයේ අද දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුඹුරක ආරවුලක් මත අදාළ වෙඩි තැබීම සිදුව ඇති බවයි හුංගම පොලීසිය සඳහන් කර සිටියේ අනතුරුව වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ගිනි අවිය සමග හුංගම පොලිසියට භාර වී තිබෙනවා බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදුණු පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි හුංගම පොලීසිය සඳහන් කර සිටියේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 32ක පුද්ගලයෙක් හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා