ගලෙන්බිඳුණුවැව, හුරුළුවැවේ පතොරම් හමුවූ ස්ථානය ආසන්නයේ තිබී තවත් පතොරම් තොගයක් සොයා ගැනීමට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.

අදාළ ස්ථානයේ ගල්වලට යට වී තිබූ ටී 56 පතොරම් 49 ක්, එම් පී එම් ජි වර්ගයේ පතොරම් 12ක්, මිලිමීටර් 9 පිස්තෝල සදහා භාවිත කරන හිස් පතොරම් කොපු 8 ක් සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම පතොරම් මළකා භාවිතයට නුසුදුසු තත්ත්වයේ පසුවන බවද නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.

පසුගිය ජූලි මස 23 වනදා ගලෙන්බිදුණුවැව, හුරුළුවැවේ දිය නෑමට පැමිණි තරුණයන් තිදෙනෙකු තොටුපල ආසන්නයේ ගල් ගොඩක තිබූ ජීව උණ්ඩ කිහිපයක් දැක ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දි තිබුණා.

පසුව එම ස්ථානයේ කළ පරීක්‍ෂාවකදී ටී 56 සහ එල් එම් ජී වර්ගයේ පතොරම් විශාල ප්‍රමාණයක් සහ තවත් පතොරම් වර්ග කිහිපයක්ද සොයාගෙන තිබුණා.