මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
හෙට දිනයෙන් ආරම්භ වන උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05වන සිකුරාදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2362කදී පැවැත්විමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල් ඒ කේ එස් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ.
විභාග ශාලාවට රැගෙන යා යුතු දේ පිළිබඳවද විභාග කොමසාරිස් ජනරාල් ඒ කේ එස් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මෙලෙස කරුණු පැහැදිලි කළා.
මේ අතර උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි ආපදාවලින් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් හට මුහුණුදීමට සිදු විය හැකි බාධා වළක්වා ගැනීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.
එහි අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු පැහැදිලි කළා.




