හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා මේ වන විටත් සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් ඒ කේ එම් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවේ විභාගය සඳහා මෙවර සිසුන් තුන් ලක්ෂ 7,959 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි. විභාග මධ්‍යස්ථාන 2,767කදී විභාගය පැවැත්වෙනවා. විභාගයට පෙනී සිටින සියලු සිසුන් පෙරවරු 08යි 30 වන විට සිය විභාග මධ්‍යස්ථානයට යායුතු බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.

විභාග පැවැත්වෙන වේලාවන් සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කෙරුණා.
යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, විභාගයට පෙනී සිටින දරුවන් මෙන්ම විභාග කාර්ය මණ්ඩල සඳහා පොදු ප්‍රවාහන පහසුකම් සලසා ඇති බවත් ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් ඒ කේ එම් ඉන්දිකා කුමාරි මහත්මිය වැඩිදුරටත් පැවසුවා.