Published
වෛද්‍යවරුන් යළිත් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මෙවර ඊට හේතුවයි. අහිංසක රෝගීන් අමාරුවේ වැටෙන මෙවැනි වර්ජනයකට මේ මොහොතේ ඇති ප්‍රශ්නය කුමක්ද? මේ, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස.
පවතින තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට හා දුෂ්කර සේවා ස්ථානවල වෛද්‍යවරුන්ට බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. දුෂ්කර ප්‍රදේශවල වෛද්‍යවරුන් කොළඹට කැඳවීමෙන් එම ප්‍රදේශවල ජීවත් වන මිනිසුන්ට ගැටලුවක් ඇති නොවේද? ඪ මේ අතර පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා බඳවා ගැනීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූවා.