හෙට දිනයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා මහනුවර ප්‍රදේශයට සහ කඩුගන්නාව ප්‍රදේශය වෙත යන දරුවන් සඳහා ප්‍රවාහන පහසුකම් මාවනැල්ල සහ කඩුගන්නාව ඩිපෝ මගින් ආරක්ෂිතව සලසා දීමට කටයුතු යොදා තිබෙනවා.
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට ඊයේ පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දැමුනා
මේ වන විට පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නාය ගිය කොටස යථා තත්ත්වයට පත් කිරීමට බෙරගල යුද හමුදාව මැදිහත්වීම මත සිදුකෙරෙමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
තවද මෙම නායයෑම් ප්‍රදේශය නැරඹීම සඳහා සාමාන්‍ය ජනතාව පැමිණීමෙන් වැළකී සිටින ලෙසත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා දන්වා ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
අදාළ මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ම මාර්ග ලෙස කොළඹ – කුරුණෑගල හරහා මහනුවර දක්වාත්, කොළඹ සිට කරඬුපන හරහා මහනුවර දක්වාත්, කොලඹ සිට මාවනැල්ල, හෙම්මාතගම, රම්පල හරහා මහනුවර දක්වා මෙන්ම කොළඹ සිට මාවනැල්ල, ගනේවත්ත හන්දියෙන් කොවිල් කන්ද හරහා පිළිමතලාව, මහනුවර දක්වාත් වූ විකල්ප මාර්ග භාවිත කළ හැකියි.




