හෙට මෙරට රේඩියෝ ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලෙන දිනයක්
ඒ, ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම සඳහා පාසල් දරුවෙකුට අවස්ථාව ලබා දෙමින්.
මෙම අලුත් අත්දැකීම රටට තිළිණ කරන්නේ රටම විශ්වාසය තබන නෙත් නිවුස් හරහායි.
අනාගතයේ මාධ්‍ය ක්ෂේත්රය ජය ගැනීමේ අපේක්ෂාවෙන් සිටින පාසල් දරුවන්ට නැවුම් අත්දැකීමක් ලබා දෙමින් නෙත් නිවුස් හෙට උදෑසන 06.25 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය සජීවීව ඉදිරිපත් කරන්නේ පාසල් ශිෂ්‍යාවක් විසින්.
ප්රවෘත්ති නිවැරදිව සකස් කිරීම, ඒ සඳහා සූදානම් වීම, ශ්රාවකයින්ට නිසි ලෙස ග්‍රහණය වන පරිදි ප්රවෘත්ති ඉදිරිපත් කිරීම ඇතුළු ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයන් ජනතාවට සමීප කරවන සම්පූර්ණ ක්‍රියාවලියේ අත්දැකීම ප්‍රායෝගිකව ලබාදීම මෙහිදී සිදු වනවා.
පාසල් වියේ සිටිම මාධ්‍ය ක්ෂේත්රය තුළ කටයුතු කර ආකාරය ප්‍රායෝගිකව අත්දකින්න අවස්ථාව සලසා දීම නෙත් නිවුස් තබන මෙම අලුත් ආරම්භයේ ප්‍රධාන අරමුණයි.
මෙම සුවිශේෂී අවස්ථාව නෙත් ශ්‍රාවක ඔබට ද නැවුම් අත්දැකීමක් එක් කරනු ඇති.
ඒ අනුව හෙට උදෑසන 06.25 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයේ සිට සෑම සති අන්තයකම උදෑසන 06.25 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය සජීවීව ඉදිරිපත් කරන්නේ පාසල් දරුවන් විසින්.