පාසල් හෙට(16) සිට ආරම්භ වන බැවින් සහ ආපදා තත්ත්වය හේතුවෙන් ඌව පළාතේ ගමනාගමනයට බාධා ඇති වූ බොහෝ මාර්ග මේ වනවිට පිළිසකර කර ධාවනයට සුදුසු තත්ත්වයට පත්කර ඇති බැවින් සියලු බස්රථ සේවා සහ සිසු සැරිය බස් රථ සේවා නිසි පරිදි ධාවනයේ යොදවන ලෙස පළාත් ප්‍රවාහන අධිකාරිය අදාළ ප්‍රවාහන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
පාසල් දරුවන්ට පාසල් කරා යාමට හා ඒමට හැකි වන පරිදි ගැලපෙන කාලසටහනකට අනුව සියළුම බස් රථ ධාවනය කරවන ලෙස ප්‍රවාහන බලධාරීහු අදාළ අංශ වලට තවදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.
විශේෂයෙන් ආපදාවට ලක් වූ ඇතැම් ප්‍රදේශවල පාසල් වෙනුවට දරුවන් සහ ගුරු භවතුන් වෙනත් පාසල් කරාද යොමු කර ඇති බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරවන ලෙසද බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික් ප්‍රවාහන කළමනාකරුවන් වෙත දන්වා ඇත.
දිස්ත්‍රික් කළමනාකරුවන් බස් රථ අධීක්ෂණ නිලධාරීන් බස් නැවතුම්පොළ ස්ථාන භාර නිලධාරීන් ඇතුළු වේලා සටහන් නිර්ධාරීන්ගේ අවධානය පිළිබඳව පළාත් ප්‍රවාහන අධිකාරිය මේ පිළිබඳව විශේෂ නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
මේ අතර ආපදා හේතුවෙන් සුරක්‍ෂිත කඳවුරු වල සිටින පාසල් දූදරුවන්ට පාසල් යාම සඳහා හා ගුරු භවතුන්ට පාසල් යාම සඳහා ආසන්න පාසල් වෙත යොමු කරන විශේෂ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කල සිටියා.




