පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් හෙට දිනයේ සිට අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් අද දිනයේද ඇතැම් ප්‍රදේශවලට විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ.

නාවික සහ ධීවර ප්‍රජාවටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැනුවත් කිරීමක් සිදු කෙරුණා.