බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙයියන්තුඩුව ප්‍රදේශවාසීන් මුහුණපා සිටින ගැටලුවක් පිළිබඳ අද නෙත්සැරයෙන් කරුණු වනාවරණ කරනවා.

විවිධ ස්වයං රැකියා සහ සුළු පරිමාණ ව්‍යාපාරයන් මගින්ගින් ජීවිකාව කරගෙන යන කාන්තාවන් බොහෝ දෙනෙක් මැසිවිලි නගන්නේ තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නිසි ස්ථානයක් නොමැති නිසාවෙන්.

පොදු සමිති සමාගම්වල රැස්වීම්වලට මෙන්ම ප්‍රජා අවශ්‍යතා සඳහාද සුදුසු ප්‍රජා ශාලා ගොඩනැගිල්ලක අවශ්‍යතාව ඔවුන් වැඩිදුරටත් පැහැදිලි කරනවා

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.

එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.