හම්බෙගමුව, රතබලාගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී යතුරු පැදියකින් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 560ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන හම්බෙගමුව පොලිස් ස්ථානය මගින් ක්‍රියාත්මකයි.