හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකව සිටි පුද්ගලයෙකු පෑලියගොඩ නුවර පාරේ, නුගේ පාර හන්දිය අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයි.

එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රැම් 112ක් සොයා ගත් බවයි එම නිලධාරීන් පැවසුවේ.

සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකතනයක් හා ඉබි යතුරු 02ක්ද සොයා ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරිමේදී ඔහුගේ නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 355ක් හා හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 465ක් සහ ගංජා කිලෝ ග්‍රෑම් 02ක් සොයා ගත් බවයි කොළඹ අපරාධ කොට්ඨාශය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බවයි කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුරටත් පැවසුවේ.