Published
වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් නියමුවාට උසස්වීමක් ලබා දී තිබෙනවා.
ඒ අනුව වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා ගෲප් කපිතාන් තනතුරට උසස් කල බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.
ඔහුගේ ආදර්ශමත් සේවය සහ රාජකාරිය සඳහා වූ කැපවීම ඉහළම ගෞරවයෙන් සලකනු ලබන බව ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.




