මාදුරුඔය ශ්‍රි ලංකා යුධ හමුදා විශේෂ බලකා පුහුණු කදවුරේ පැවති විසිර යාමේ උත්සවකට සමගාමිව නිදර්ශන චාරිකාවක නිරතව පියාසර කරමින් තිබූ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ හිඟුරක්ගොඩ මූලික කදවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ගුවන් හමුදා සහ යුධ හමුදා විශේෂ බලකා සාමාජිකයින් හය දෙනෙකුට දිවි අහිමි කරමින් මාදුරුඔය ජලාශයට කඩා වැටීමේ සිද්ධියේදී යම් අපරාධමය වරදක් සිදුව ඇද්ද? යන්න විමර්ශනය කර සැප්තැම්බර් මස 11 දින අධිකරණයට දැනුම් දෙන ලෙස දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතා දෙහිඅත්තකන්ඩිය පොලිසියට නියෝග කර තිබෙනවා.
මෙසේ නියෝග කළේ මෙම ගුවන් අනතුරට අදාළ නඩුව දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යලි කැඳවූ අවස්ථාවේදියි
මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් දෙහිඅත්තකන්ඩිය පොලිසියේ ස්ථානාධිපකි ප්‍රධාන පොලිස් පරික්ෂක යූ ගයාන් බුද්ධික මහතාගේ උපදෙස් මත සැරයන් (49145) ගුණරත්න මහතා සිය මූලික කරුණු දැක්වීම් වලදී අධිකරණයට කියා සිටියේ මාදුරුඔය ශ්‍රි ලංකා යුධ හමුදා විශේෂ බලකා පුහුණු කදවුරේ විසිර යාමේ උත්සවයක් පැවති බවයි.
එම විසිර යාමේ උත්සවයේ නිදර්ශන කටයුත්තක් සඳහා හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කදවුරේ සිට ගුවන් ගත වූ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් පළමුව මාදුරුඔය යුධ හමුද විශේෂ බලකා පුහුණු කදවුරට ගොඩ බස්සවා එම කදවුරෙන් සෙබළු පිහිප දෙනෙකු හෙලිකොප්ටර් යානයට නංවා ගෙන නිදර්ශන කටයුත්තක් සඳහා යළි ගුවන් ගත වී ඇති බවද සැරයන්වරයා පවසා තිබෙනවා.
එලෙස ගුවන් ගතව මාදුරුඔය ජලාශයට ඉහළින් පියසාර කරමින් තිබියදී හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බව අරලංගවිල පොලිසිය විසින් පලමුව දෙහිඅත්තකන්ඩිය පොලිසියට දැනුම් දුන් බවද කියා පවසා සිටි සැරයන්වරයා අනතුරුව වාහාම ක්‍රියාත්මක වී අදාළ අංශ දැනුම්වත් කර කඩා වැටුනු යානයේ සිටි පිරිස් මුදා ගැනීමේ සහ රෝහල් ගත කිරීමේ මෙහෙයුම් ආරම්භ කල බවද සඳහන් කර සිටියා.
ගුවන් අනතුරින් ආරක්ෂක අංශ සාමාජිකයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවත් දැනුම් දුන් සැරයන්වරයා අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයාගේ අධීක්ෂණයට යටතේ ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින්ද පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පොලිසිය විසින්ද විමර්ශන සිදු කරන බවද පවසා සිටියේය .
පැමිණිල්ල වෙනුවෙන් දෙහිඅත්තකන්ඩිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යූ ගයාන් බුද්ධික මහතාගේ උපදෙස් මත සැරයන් (69145) ගුණරත්න මහතා පෙනී සිටියේය
මෙම ගුවන් අනතුරට අදාළ සියලු ප්‍රකාශ සටහන් කර ගෙන ඇත්තේ දෙහිඅත්තකන්ඩිය පොලිසියේ සැරයන් (69145) ගුණරත්න මහතා විසිනි
මෙම ගුවන් අනතුර සිදු වන අවස්ථාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානය පදවමින් සිටි ප්‍රධාන ගුවන් නියමු ප්ලයිට් ලෙෆ්ටිනන් පෝලන් ජයවර්ධන මහතා තමා පැදවූ හෙලිකොප්ටර් යානය අනතුරට පත්ව මාදුරුඔය ජලාශයට කඩා වැටුනු ආකාරය සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයේදී ගුවන් අනතුරට අදාළ නඩුවට සාක්සි ලබා දුන්නේය




