පුත්තලම මුල්ලිනගර් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම මුල්ලිනගර් ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු හඳුන්කූරු අලෙවි කරන මුවාවෙන් මෙම මත් කුඩු ජාවාරම සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවයි පොලීසිය පැවුසවේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පුත්තලම පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබනවා.
මේ අතර හෙරොයින් තොගයක් සමග කාන්තාවක් සීනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් කාන්තාව සතුව කිලෝග්‍රෑම් 06කට අධික හෙරොයින් ප්‍රමාණයක් තිබූ බවයි පොලීසිය පැවසුවේ.
මේ අතර ඉකුත් 07 වනදා ගොඩගම, තෙල්වත්ත ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පියවර ගෙන තිබෙනවා.
ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ එම වැටලීමේදී හෙරොයින් කිලෝ 05යි ග්‍රෑම් 416ක් සොයා ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 32 සහ 51 යන වයස්වල පසුවන ගාල්ල, අහංගම, තෙල්වත්ත, වතුගෙදර සහ සීනිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් සිදු කරනු ලබනවා.




