නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සමත් වී තිබෙනවා.
හම්බන්තොට නාගරවැව ප්‍රදේශයේ කුරුළු උයන පරිශ්‍රයේ කුරුළු ආහාර ගබඩාවේ සඟවා තිබියදී එම යතුරුපැදි සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඒ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලද විශේෂ තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.
මෙරටට ආනයනය කිරීමට තහනම් විදෙස් රටවල නිෂ්පාදිත එම යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එක හමාරකට අධික වනවා.
අදාළ ගබඩාවේ තිබී නීති විරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැළ 04ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සත්ත්ව ගොවිපළේ කළමනාකරු හා ගබඩා පාලකවරයා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඔවුන් මාතර සහ මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.