හෝමාගම, වෑකන්ද වත්ත නිවසක තිබී හෙරොයින් කිලෝ එක හමාරකට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 688 ක් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා. මේ, ඒ පිළිබද වාර්තාවක්.
කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් හෝමාගම වෑකන්ද වත්ත ප්‍රදේශයේදී ඊයේ දහවල් යතුරු පැදියක පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පරීක්‍ෂා කළ අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී හොරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. හෙරොයින් සන්තකව සිටි සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම සැකකරුගේ නිවසද පොලිස් නිලධාරීන් විසින් පරීක්‍ෂාවට ලක් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. අදාළ නිවසේ තිබී හොරොයින් ග්‍රෑම් 1,498 ක් සහ අයිස් ග්‍රෑම් 688 ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. අදාළ නිවසේ රැදි සිටි සැකකරුවෙකු සහ තවත් සැකකාරියක්ද එහිදි අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කැළණිය, කිරිබත්ගොඩ, මොරටුව සහ හුංගම ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා හෝමාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලීසිය පැවසුවේ.
මේ අතර කොට්ටාව මා කුඹුර අධිවේගී මාර්ගයට පිවිසෙන ස්ථානයේ කොළඹට පැමිණෙන බස් රථ සහ සියලු රථවාහන සහ මාර්ගයේ ගමන් ගන්නා සියලු දෙනා පොලිසිය හා විශේෂ කාර්ය බලකාය විසින් අද අලුයම සිට පරීක්ෂාවට ලක් කර තිබෙනවා. පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 250ක් පමණ මෙම මෙහෙයුමට එක් කර සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. පොලිස් නිල සුනඛයින්ද එම මෙහෙයුම සදහා එක් කර ගෙන තිබෙනවා.
පොලිසිය විසින් ක්‍රියාත්මක කරන විවිධ අපරාධ සම්බන්ධ විමර්ශනවල දත්ත රැස් කර ගැනීමෙන් අනතුරුව ලද විශේෂ තොරතුරුවලට අනුවයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් වරෙන්තකරුවන් 11දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් කිලෝ ග්‍රෑම් 1කට අධික ප්‍රමාණයක් සමග ඊයේ අත්අඩංගුවට ගැනුණු අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එප්පාවල, ඇදගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක සඟවා තිබියදී එම හෙරොයින් සොයා ගැනුණේ ඊයේ දිනයේදීයි. සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා රැදවුම් නියෝග ලබාගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටින බවයි පොලීසිය පැවසුවේ.



