Published
ළමයින්ට ශාරීරික දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් නීති පැනවීම පිළිබඳව මේ දිනවල පුළුල් ලෙස සංවාදයට ලක් වනවා.
මේ, ඒ පිළිබඳ විමසා බැලීමක්.
ළමයින්ට ශාරීරික දඬුවම් ලබාදීම සිදු නොකළ යුතු බව බොහෝ පාර්ශ්ව එකඟ වන කරුණක් වුවත් ඒ සම්බන්ධයෙන් නීතිරීති පැනවීම පිළිබඳ ඇතැම් පාර්ශ්ව දක්වන්නේ විරුද්ධ මතයක්.
ළමා හිංසනය අනුමත නොකරන පාර්ශ්ව විසින්ම ඒ සම්බන්ධයෙන් නීති පැනවීමට විරුද්ධ වන්නේ ඇයි? මේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා.
ගුරු සංගම් වගකිව යුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද? ජෝෂප් ස්ටාලින් මහතා ඒ සම්බන්ධයෙන් ද කරුණු දැක්වූවා.