ළමා හිතකාමී අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ වැඩසටහනේ පළමු අදියර මහනුවර අධිකරණ සංකීර්ණයේදී ඊයේ ආරම්භ වුණා.

අධිකරණවල සාක්ෂි විමසීමේදී ළමා වින්දිතයින්ට නිදහස් පරිසරයක් තුළ සාක්ෂි ලබාදීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම මෙම වැඩසටහන මඟින් සිදු කෙරෙනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ළමා පරපුර ඉලක්ක කර ගැනීම සහ ඔවුන්ට එරෙහි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මෙහිදී කරුණු දැක්වූවා.