Published
මුහුණු පොත ඔස්සේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් වැටලීමෙන් තරුණයින් 21දෙනෙකු කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කඩුවෙල පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.
සැකකරුවන් සන්තකයේ තිබී තීරු බදු රහිතව මෙරට ආනයනය කරන ලද දුම් වැටි සහ මත් පෙති පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 27ත් අතර පසුවන කොළඹ අවට සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි කඩුවෙල පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දිනයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.