පසුගිය 10 වනදා පැවැති මෙම වසරට අදාල 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීම අද ආරම්භ වනවා.
එය ලබන 27 වනදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ, දිවයිනේ පාසල් 43කදීයි.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍ය උත්තර පත්‍ර පරික්ෂා කිරීම ඇගයීම් මණ්ඩල 298කදී සිදුවන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ.
දෙමළ මාධ්‍ය උත්තර පත්‍ර පරික්ෂාව සිදු වන්නේ ඇගයීම් මණ්ඩල 100කදීයි.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරික්ෂාව සඳහා 6,000කට අධික ගුරුවරුන් එක්වීමට නියමිතයි.
උත්තර පත්‍ර පරික්ෂා කිරීමෙන් අනතුරුව එක් එක් දරුවන් ලබාගත් ලකුණුවලට අදාල දත්ත ලබන 28 වනදා පරිගණක ගත කිරීමට නියමිතව තිබෙනවා.
ඉන් අනතුරුව ලබන 30 වනදා සිට ප්‍රතිඵල පරික්ෂා කිරීමේ කටයුතු දින 08ක් පමණ සිදු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
එම කටයුතු අවසන් වීමෙන් පසු අවසන් ප්‍රතිඵල පරික්ෂාව සිදු කරනු ලබනවා.
ඒ අනුව සැප්තැම්බර් 20 වනදාට පෙර මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,787කදී සිසුන් තුන් ලක්ෂ හත්දහස් නවසිය පනස් එක් දෙනෙකු පෙනී සිටියා.




