ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහන අද දිනයේද සාර්ථකව ක්‍රියාත්මක වුණා.
ඒ, 06 වන දිනටයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පරිත්‍යාගශීලී ජනතාව මෙන්ම විවිධ සංවිධාන “දිරිය නෙත් - නැණ සවිය” වැඩසටහනට සිය දායකත්වය ලබාදීමට අද දිනයේද මහත් උනන්දුවකින් යුතුව එක්ව සිටියා.
"දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහන සඳහා පරිත්‍යාග භාර ගැනීම හෙට දිනය දක්වා දීර්ඝ කෙරුණේ බොහෝ පාර්ශවවලින් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙනයි.
දිවයින පුරා පිහිටි සරසවි පොත්හල්, ඩී එස් අයි ප්‍රදර්ශනාගාර මෙන්ම බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලය සහ බණ්ඩාරවෙල ජේ එම් සී ජාත්‍යන්තර පාසලටද දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන සඳහා පරිත්‍යාග භාර දිය හැකියි.
කොල්ලුපිටියේ 05 වන පටුමගේ පිහිටි නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන කාර්යාලයට සහ බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආසන්න ඕෂන් වීව් ගොඩනැගිල්ලේ පිහිටි නෙත් එෆ් එම් මෙහෙයුම් කාර්යාලය වෙතද මෙම වැඩසටහන සඳහා පරිත්‍යාග භාර ගැනීම සිදු වනවා.




