මාතර, නලවැල්පිටිය ප්‍රදේශයේ ජනතාව මුහුණපා සිටින ගැටළුවක්

මාතර දිස්ත්‍රික්කයේ හක්මන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නලවැල්පිටිය ප්‍රදේශයේ ජනතාව මුහුණපා සිටින ගැටළුවක් පිළිබඳව අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කෙරෙනවා.
.
තම ගම්මාන දෙකක් යා කිරීමට මාර්ගයේ ගල් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මිට වසර 25කට පෙර ක්‍රියාත්මක වුවද එම ප්‍රදේශයේ ජිවත් වන එක් අයෙකුගේ විරෝධතාවක් නිසා අද වන විටත් විශාල පිරිසකට මෙම මාර්ගය භාවිතා කිරීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බවයි පැවසෙන්නේ.

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.

එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.