ජගත් පරිසර දිනයට සමගාමීව මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,මැදවච්චිය පොලිස් ස්ථානය ඇතුලු රාජ්‍ය ආයතන සහ බැංකු එක්ව මැදවච්චිය ප්‍රධාන මාර්ග දෙපස කරඳ පැල 400 ක් සිටුවීමේ නව වැඩ සටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කසුන් සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම වැඩසටහන මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ඒ.ඒ.කේ.එස් අධිකාරි මහතාගේ උපදෙස් පරිදි මැදවච්චිය පරිසර ස්ථානාධිපති උ.පො.පරික්ෂක ආනන්ද මහතාත් , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් ඇතුලුව සියලුම රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන එක්ව සංවිධානය කර තිබුණි.
මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ තුළ 56000ට ආසන්න ජන සංඛ්‍යාවක් ජීවත්ව සිටින අතර එම හේතූන් මත නිරන්තරයෙන් පරිසර හානි සිදුවීම සිදුවන නගරයක් බවට මැදවච්චිය නම් දරා ඇත.
ඒ තුළින් ඔක්ෂිජන වායුවට සිදුවන හානිය අවම කර ගැනීමේ පරමාර්තයෙන් මෙම කරඳ පැල රෝපනය සිදු කෙරිණි.