උතුරු කොලොම්බියාවේ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්වීමෙන් සිසුන් 17 දෙනෙකු මියගොස් ඇති බව සදහන් වනවා.

වැඩි දුරටත් සදහන් වන පරිදි මෙම සිසුන් පිරිස උපාධි ප්‍රධානොත්සවයකට සහභාගී වීමට යමින් සිටින විට මෙම අනතුර සිදුවන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.

එම බස් රථයේ රියදුරු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහාන් කර කරන්නේ.

බස් රථය අනතුරට ලක්වන විට එහි පුද්ගලයින් 37 දෙනෙකු සිට ඇති අතර රථය අඩි 262ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුර වාර්තා කර තිබෙනවා.