2006 වසරේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවති සමයේ ජනතා විමුක්ති පෙරමුණෙු ප්‍රබල ආධාරකරවෙකුට පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවෙ අධිචෝදනා ලබා සිටි 2006 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධනයෙන් නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවට තරඟ කල අපේක්ෂකයෙකු ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකු එකී චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙස අනුරාධපුර පූර්වගාමි මහාධිකරණ විනිසුරු සහ කොළඔ වත්මන් මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග මහතා නියෝග කර තිබෙනවා.
මෙසේ නිදොස් කොට නිදහස් කර මුදා හැරියේ මෙම ඝාතනය සිදු වූ වකවානුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 2006 පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෙකු ලෙස තරග කල සංජීව කළුආරච්චි එම් බී එම් ප්‍රියන්ත ක්‍රිෂාන්ත අන්තලම් සිරිවර්ධන එච් එඩ්මන් සිංඤෝ කිත්සිරි එන් එම් තුෂාර නොහොත් සුදු පුතා ආර් ජේ කේ ඉන්දික උපාලි කුමාර සහ අමිල චන්දන කුමාර වික්‍රමසිංහ යන විත්තිකරුවන්ය.
ඔවුන් අනුරාධපුර විජයපුර පදිංචිරුවන්ය මෙම අපරාධයට සැකපිට අත් අඩංගුවට ගත් සියළු විත්තිකරුවන් මාස තුනක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුව ඇප මත මුදා හැර ඇත.
2006 වසරේ මාර්තු මස 24 වන දින හෝ ඊට අසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් අනුරාධපුරයේදී විත්තිකරුවන් බන්දුල මාරඹගේ නැමැත්තාට පොලු වලින් පහර දී ඝාතනය කල බවට නීතිපතිවරය විසින් විත්තිකරුවන්ට එරෙහිව අනුරාධපුර මහාධිධිරණට හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ.
2006 වසරේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවති සමයේ අනුරාධපුර විජයපුරදී කොඩිවැල් සැරසිළි කිරීමට යාමේදී ඇති වූ ගැටුමක් අතරතුර මෙම ඝාතනය සිදුව ඇති බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණ විය.
මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති අතර නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබුණා.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥවරයා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ මහේස් කොටුවැල්ල මහතා පෙනී සිටියා.