Published
බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා ජනතාවට වඩාත් හොඳින් ප්‍රවේශ විය හැකි ආකාරයට සෞඛ්‍ය සේවාව ව්‍යාප්ත කිරීම රජයේ ප්‍රමුඛතාව වී ඇතැයි විෂයභාර අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ අනුව කිලෝ මීටර් තුනකට වඩා අඩු දුරකින් ජනතාවට ප්‍රවේශ විය හැති අයුරින් සුවතා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටද කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.
ආයුර්වේද උපාධිධාරීන් 303 දෙනෙකු ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය වෙත බඳවා ගැනීමේ පත්වීම ප්‍රදාන කිරීම වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කළා.





