Published
2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සමග මේ වනවිටත් බොහෝ පිරිසක් එක්ව සිටිනවා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ අද දිනයේ එම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 08 වන දිනයටයි. ඒ පිලිබද තවත් තොරතුරු දැන ගැනීම සදහා අප දැන් සම්බන්ධ වනවා එහි ස්ථාපිත නෙත් එෆ් එම් විශේෂ කුටියේ රැදී සිටින නිවුස් විශේෂ නියෝජිතයින් ජයන්ත ප්‍රේමලාල් සමගින්.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සමග එක් වූ සහ නෙත් විශේෂ කුටියේ ස්ථාපිත පොත් කැටයට පොත් පරිත්‍යාග කළ කිහිප දෙනෙකු ද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා. “සතුට” කෘතිය රචනා කළ ප්‍රියනාත් ජයසූරිය මහතාගේ නවතම කෘතිය විශේෂ වට්ටමක් සහිතව මිලදී ගැනීමට ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් කුටිය වෙත පැමිණෙන ඔබට අවස්ථාව සලසා දී තිබෙනවා.