2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය අදයි.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා පැවැත්වෙනවා.
අද දිනයට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් කිහිපයක් මෙහිදී සංවිධාන කර ඇති බවයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සංවිධාන කමිටුවේ සභාපති සමන්ත ඉන්දීවර මහතා පැවසුවේ.
මේ අතර අවශ්‍යතා සහිත පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් විම සඳහා පොත් පරිත්‍යාග කිරීමට ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට මෙවරත් නෙත් එෆ් එම් රේඩියෝව අවස්ථාව සලසා දී තිබෙනවා.
ඒ සඳහා ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් කුටියේ ඇති පොත් කැටයට පොත් පරිත්‍යාග කිරීමට ඊයේ දිනයේදී ද විශාල පිරිසක් එක් වුණා.
26 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.




