2025 එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 19 වන තරඟය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, නවසීලන්ත සහ පකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතරයි.

තරඟය පස්වරු 03ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි ආරම්භවීමට නියමිතයි.

2025 එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මෙතෙක් තමන් මුහුණ දුන් තරඟ හතරෙන් එක් තරඟයක් නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජයගෙන තිබෙනවා.

පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟ 04කට ක්‍රීඩා කර ඇති අතර ඔවුන්ට එක් තරඟයක් හෝ ජය ගැනීමට හැකි වී නැහැ.

මේ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරඟය කඩුලු 10කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රි සමත් වුණා.

තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් දෙපිළටම හිමි වූ පන්දුවාර ගණන 20 ක්.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 07ක් බිඳවැටී ලකුණු 105ක් රැස් කළා. දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තරඟය ජය ගැනීමට පන්දුවාර 20 ක් තුළ ලකුණු 121ක ඉලක්කයක් හිමි වුණා.

ඒ අනුව පන්දුවාර 14 යි පන්දු 05ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 125 ක් රැස් කර ගනිමින් දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟය ජයගත්තා.