2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද 09 දිනටත් ක්‍රියාත්මකයි.

අදත් පෙරවරු 09ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පොත් ප්‍රදර්ශනය ආරම්භ කෙරුණා.

පොත් ප්‍රදර්ශනය පිළිබඳ තොරතුරු දැනගැනීමට අප දැන් සම්බන්ධ වනවා එම පරිශ්‍රයේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත ජයන්ත ප්‍රේමලාල් සමගින්.

අවශ්‍යතා සහිත පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් වීම සඳහා පොත් පරිත්‍යාග කිරීමට ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට මෙවරත් නෙත් එෆ් එම් රේඩියෝව අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ සඳහා ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් කුටියේ ඇති පොත් කැටයට පොත් පරිත්‍යාග කිරීමට පෙර දිනවල මෙන්ම අද දිනයේදී ද විශාල පිරිසක් එක් වුණා.

ඒ අතරින් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

පාඨකයින් විසින් එලෙස පොත් කැටයට පරිත්‍යාග කළ පොත් දුෂ්කර පළාත්වල පාසල්වලට කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවයි නෙත් එෆ් එම් සහකාර සාමාන්‍යාධිකාරී - අලෙවි සුනිල් ශාන්ත මහතා පැවසුවේ.

මේ අතර “සතුට” කෘතිය රචනා කළ ප්‍රියනාත් ජයසූරිය මහතාගේ නවතම කෘතිය විශේෂ වට්ටමක් සහිතව මිලදී ගැනීමට ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් කුටිය වෙත පැමිණෙන ඔබට අවස්ථාව සලසා දී තිබෙනවා.

26 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

හෙට දිනයෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අවසන් වීමටද නියමිතයි.