2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හයවන දිනටත් මේ වන විට ක්‍රියාත්මකයි. මේ මොහොතේ ද පාඨකයින් විශාල පිරිසක් එම ප්‍රදර්ශනය නැරඹීම සඳහා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත පැමිණ සිටිනවා. එලෙස පැමිණෙන පාඨකයින් පොත් මිලදී ගැනීමට මෙන්ම අවශ්‍යතා සහිත පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් විම සඳහා පොත් පරිත්‍යාග කිරීම සඳහා ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් විශේෂ කුටියේ ඇති පොත් කැටයට පොත් පරිත්‍යාග කිරීමට ද ඉහළ උනන්දුවක් දක්වනවා. මේ, ඒ පිළිබඳ වාර්තාවක් ගෙන එන නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකොන්.

මේ අතර “සතුට” කෘතිය රචනා කළ ප්‍රියනාත් ජයසූරිය මහතාගේ නවතම කෘතිය විශේෂ වට්ටමක් සහිතව මිලදී ගැනීමට ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් කුටිය වෙත පැමිණෙන ඔබට අවස්ථාව සලසා දී තිබෙනවා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධාන කළ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන 06 වනදා තෙක් ක්‍රියාත්මකයි. 26 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.