සුඛ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2025 නොවැම්බර් මසට අදාල අස්වැසුම් ප්‍රතිලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩ වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව 2025 නොවැම්බර් මස 28 දින අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් පවත බැර කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස රු.3,062,335,000.00ක මුදලක් ප්‍රතිලාභී පවුල් 612,467 ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැරකිරීමට නියමිත බවයි සුඛ සාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.

අදාල ප්‍රතිලාභීන්ට නොවැම්බර් මස 28 දින සිට තමාට හිමි වැඩිහිටි දීමනාව අදාළ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකි වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.