Published
2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිය වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඉකුත් අගෝස්තු මස 10 වන දින පහ ශ්‍රේණිය ශිෂයත්ව විභාගය පැවැත්වුණා.
එමෙන්ම ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් ඒ සඳහා නිවේදනයේ දක්වා ඇති ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.