Published
2025 වසරේ ලොව සුන්දරතම දිවයින ලෙස ශ්රී ලංකාව නම් කර තිබෙනවා.
ඒ, ලොව ප්රමුඛ ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන “බිග් සෙවන් එන්ජෝයි ට්රැවල්” වෙබ් අඩවිය විසින්.
ඔවුන්ගේ වාර්ෂික වාර්තාවට අයත් ලොව සුන්දරතම දූපත් කාණ්ඩය 50ක් ඇතුළත් කර තිබෙනවා.
එම වෙබ් අඩවිය පවසන්නේ සුන්දර වෙරළ තීරයෙන් ඔබ්බට ශ්රී ලංකාව තුළ අතිරමණීය ස්ථාන රැසක් පවතින බවයි.
ආගමික සිද්ධස්ථාන, යටත් විජිත යුගයේ ඉදිකිරීම් වන සතුන් සහ කඳු මෙන්ම වනාන්තර ද ඒ අතර ප්රමුඛ බවයි එහි දැක්වෙන්නේ.
https://www.enjoytravel.com/en/travel-news/guides/best-islands-in-the-world