2025 ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ 17 වන තරඟය අද පැවැත්වෙනවා.

ඕස්ටේ්‍රලියානු සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර මෙම තරඟය පැවැත්වෙන්නේ විශාඛා පට්නම් හීදීයි.

මේ අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති එංගලන්තය සහ පාකිස්ථානය අතර තරඟය විසඳුමකින් තොරව නිමාවට පත් වුණා.

අයහපත් කාලගුණය හේතුවෙන් එම තරඟයේ පන්දු ඕවර සංඛ්‍යාව 31කට සීමා වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 31 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 133ක් රැස් කිරීමට සමත් වුණා.

පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 06යි පන්දු 04කදී කිසිවෙකු නොදැවී ලකුණු 34ක් රැස් කරගෙන සිටියදී තරඟය අයහපත් කාලගුණය හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුණා.

ඒ අනුව එංගලන්ත සහ පාකිස්ථාන කණ්ඩායම්වලට එක් ප්‍රසාද ලකුණ බැගින් බෙදී ගියා.