Published
2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිව්වන දිනටත් අති සාර්ථක ලෙස මේ වන විට පැවැත්වෙනවා. එහි නවතම තොරතුරු දැනගැනීම සඳහා අප සම්බන්ධ වනවා එහි රැඳී සිටින භාෂිනී ආරියරත්න සමගින්.
මේ අතර අවශ්‍යතා සහිත පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් විම සඳහා පොත් පරිත්‍යාග කිරීමට ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට මෙවරත් නෙත් එෆ් එම් රේඩියෝව අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ සඳහා ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් කුටියේ ඇති පොත් කැටයට පොත් පරිත්‍යාග කිරීමට ශ්‍රාවක ඔබටත් හැකියාව පවතිනවා. මේ අතර ප්‍රදර්ශන භූමියේ පිහිටා ඇති නෙත් විශේෂ කුටියෙන්, ‘සතුට’ කෘතිය රචනා කළ ප්‍රියනාත් ජයසූරිය මහතාගේ නවතම කෘතිය වන ‘යටසාය’ කෘතිය විශේෂ වට්ටමක් සහිතව මිලදී ගැනීමටද අවස්ථාව සලසා දී තිබෙනවා. 26 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.