Published
2026 පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය පෙබරවාරි 07 වනදා සිට මාර්තු 08 වනදා දක්වා පැවැත්වීමට ඉඩ ඇතැයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන්. ලෝක කුසලානයේ තරඟ ඉන්දියාවේ ක්‍රිඩාංගන පහක සහ ශ්‍රී ලංකාවේ ක්‍රිඩාංගන දෙකක පැවැත්වීමට නියමිතයි. අවසන් තරඟය අහමදාබාද් හෝ කොළඹ දී පැවැත්වෙනු ඇති බවයි ක්‍රිඩා මාධ්‍ය වාර්තා කළේ. එය තීරණය වන්නේ පාකිස්තානය ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීම මතයි. 2026 පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා කණ්ඩායම් 15ක් දැනටමත් සුදුසුකම් ලබා අවසන්.