තවත් පැය 06කටත් වඩා අඩු කාලයකින් උදා වන නව වසර මෙරට රේඩියෝ ඉතිහාසයේත් නව පිටුවක් පෙරළෙන වසරක ආරම්භයයි.
ඒ, රටට පෙරගමන් කියූ, ජාතියේ නාලිකාව වූ නෙත් එෆ් එම් අපිත් ජනවාරි පළමුවනදා සිට අලුත්වන නිසායි.
සෑම විටම මෙරට රේඩියෝ කලාවට නැවුම් වෙනසක් එක් කළ නෙත් එෆ් එම්, නව වසරේදී, නව වැඩසටහන්ද සමග නව මුහුණුවරකින් ඔබ වෙත සමීප වීමට සූදානම්.
නව වසරේ සිදුවන නව වෙනස කුමක්ද? මේ, නෙත් එෆ් එම් රේඩියෝවේ ජ්‍යේෂ්ඨ කළමනාකරු - වැඩසටහන් මනෝජ් උදටියාවල.
මේ අතර, වසර විස්සකට වැඩි කාලයක් නිවැරදි තොරතුරු ක්ෂණිකව සහ නිරවුල්ව ලබාදුන් නෙත් නිවුස් අපිද උදාවන 2026 වසරේ ඔබට තවත් සමීප වීමට සූදානම්.
ඒ අනුව ඔබේ දවස ආරම්භයට, ඔබ දැනගත යුතුම තොරතුරු ඔබ වෙත ගෙන ආ නෙත් නිවුස්, උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට සිට ඔබට අසන්නට ලැබෙන්නේ උදෑසන 06.45ටයි.
ඒ අනුව නිවැරදි, නිරවුල් මෙන්ම ඔබ දැනගත යුතුම ප්‍රවෘත්ති සමග රටම ප්‍රවෘත්ති අහන, උදෑසන 06.45 නෙත් නිවුස්, හෙට සිට අහන්න ඔබත් සූදානම් වන්න.




