ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා 2029 වර්ෂයේ ජනාධිපති බවට පත් කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා පවසනවා.
ඔහු පැවසුවේ ආණ්ඩුව සමග එක්වූ ඇතැම් පාර්ශ්විකයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මේ වන විටත් එක්වෙමින් සිටින බවයි.
පසුගිය මහමැතිවරණ සමයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් මහමැතිවරණයට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ යළිත් නාමල් රාජපක්ෂ මහතා සමග එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.
මේ අතර, ආණ්ඩුවට එල්ල වන වත්කම් බැරකම් චෝදනා සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතාද මේ වන විට රටතුළ කතබහට ලක්ව ඇති වත්කම් බැරකම් චෝදනා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.




