Published
ආණ්ඩුවට එරෙහිව නුගේගෝඩදී හෙට පැවැත්වීමට නියමිත රැළියට අවශ්‍ය ඉහළම ප්‍රචාරණය ආණ්ඩුව විසින්ම ලබාදී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.
විපක්ෂය නියෝජනය කරන ඇතැම් නියෝජිතයින් ජනතාව අතර සිට එම රැළියට එක්වීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.
ආණ්ඩුවට එරෙහිව නුගේගොඩදී හෙට පැවැත්වීමට නියමිත රැළියට තමන් ද එක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා ප්‍රකාශ කළා.
එක්සත් ජාතික පක්ෂය මෙම රැළියට සහාය දැක්වුව ද එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට එක්වනවා ද යන්න මෙතෙක් තහවුරු කර නැහැ.
කෙසේවෙතත් එම පක්ෂය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් සහ පාක්ෂිකයින් එම රැළිය සඳහා සහභාගී කරවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.


