විපක්ෂයේ පක්ෂ රැසක එකමුතුවෙන් ලබන 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත විරෝධතාවයෙන් ආණ්ඩුවට කිසිම බලපෑමක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

විපක්ෂයේ සියලු පක්ෂ එකතු වී එම විරෝධතාව පැවැත්වුවද ඉන් ආණ්ඩුවට කිසිදු තර්ජනයක් නොමැති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.