කෘත්‍රිම බුද්ධිය (AI) මානව වටිනාකම් සහ හැකියාවන් ඉහළ නැංවීමේ මාධ්‍යයක් ලෙස ඉන්දියාව සලකන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.
එමෙන්ම ඔහු පෙන්වා දී ඇත්තේ ගැටළු විසඳීමට සහ AI පාලනයේ නව්‍යකරණයන් දිරිගැන්වීමට සමාන ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු බවයි.
වගකීම් සහගත AI සඳහා එක්ව කටයුතු කළ යුතු බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ හි පැවැති BRICS සමුළුවට සමගාමීවයි.
බහුපාර්ශ්විකත්වය, ආර්ථික-මූල්‍ය කටයුතු සහ කෘත්‍රිම බුද්ධිය ශක්තිමත් කිරීම පිළිබඳ BRICS සමුළු ව්‍යාප්ත සැසිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ‘AI බලපෑම් සමුළුවට’ සහභාගී වන ලෙස BRICS හි සාමාජික රටවලර ආරාධනා කළේය.
ඔහු පැවසුවේ, 21 වැනි සියවසේ මානව වර්ගයාගේ සමෘද්ධිය සහ ප්‍රගතිය රඳා පවතින්නේ තාක්ෂණය, විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය මත බවයි.
එක් අතකින්, AI යනු සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතයේ වෙනසක් ඇති කිරීමට ඉතා ඵලදායී මාධ්‍යයක් වන අතර, අනෙක් අතට, අවදානම්, ආචාර ධර්ම, පක්ෂග්‍රාහී වැනි ප්‍රශ්න ද AI සමඟ සම්බන්ධ බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.
එබැවින් මෙම විෂය සම්බන්ධයෙන් ඉන්දියාවේ චින්තනය සහ ප්‍රතිපත්තිය පැහැදිලි බවත්, AI මානව වටිනාකම් සහ හැකියාවන් වැඩිදියුණු කිරීමේ මාධ්‍යයක් දකින බවත් මෝදි පැවසීය.