ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය සදහා වන කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මීට නොබෝ වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව එම කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් එය පාර්ලිමේන්තුවේ 3න් 2ක විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කර ඇත්තේ.

කෙසේවෙතත් කෙටුම්පත සදහා සංශෙෘ්ධන කිහිපයක් ද ශ්‍රේෂ්ඨාධිකරණ විසින් යෝජනා කර තිබෙනවා.