Published
25 වන වරටත් සංවිධාන කෙරෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන 27වනදා ආරම්භ වනවා.
එම පොත් ප්‍රදර්ශනය ඔක්තෝබර් 06 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අධ්‍යක්‍ෂ සමන්ත ඉන්දීවර මහතා පැවසුවේ.
මෙවර කොළඹ ජාත්‍යන්ර පොත් ප්‍රදර්ශනය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගම් මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මෙම අදහස් පළ කෙරුණා.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති දිනේෂ් කුලතුංග මහතාද එහිදී අදහස් පළ කළා.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා නෙත් එෆ් එම් රේඩියෝව මෙවරද නිල මාධය අනුග්‍රහය ලබා දෙනවා.



