දිවයින පුරා පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

එහිදී අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ, ජාතික පාසල්වල පුරප්පාඩු 1,501ක් ඇති බවයි.