පොලිසියට ඔත්තු දුන්නැයි සැකයෙන් මත් ලෝලියකු ට මුදල් ලබාදී 71 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් දූෂණයට ලක් කිරීමට උපදෙස් දුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ මත්ලෝලියා බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 24 මිලිගෑම් 300 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර වයෝවෘද්ධ කාන්තාව රෝහල් ගත කර තිබෙනවා.
හංවැල්ල ජල්තර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවස නිරතුරුවම පොලිසිය මගින් වටලන බැවින් ඊට යාබදව නිවසක තනිව පදිංචි වයෝවෘද්ධ කාන්තාව පොලිසියට ඔත්තු ලබා දීම හේතුවෙන් ඒ ආකාරයට සිදු වෙනවා යැයි ඇතිවූසැකයෙන් මෙම අපරාධය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි මත්ලෝලියෙකු ට ජාවාරම්කරු ඒ බව පවසා වයෝවෘද්ධ කාන්තාව දූෂණයට ලක් කළහොත් රුපියල් 20,000/= ලබා දෙන බවට පොරොන්දු වී එම පුද්ගලයා ලවා එම අපරාධය සිදුකර ඇති බවයි සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
එම සැකකරු ඒ අසන්නේ වෙළඳ සැලකින් ගම්ටේප් දෙකක් මිලදීගෙන දහවල් කාලයේදී කාන්තාවගේ නිවස වෙත පැමිණ "බෝඩිම් කාමර තිබේදැයි අසා ඇය නොමැති බවට පැවසීමෙන් අනතුරුව වතුර වීදුරුවක් ඉල්ලා උපක්රමශීලීව කාන්තාව මුළුතැන්ගෙට යවා ඇයගේ පසුපසින් ගොස් දැලි වලං ඇල්ලීම සඳහා යොදා ගන්නා කැප් තොප්පියක් රැගෙන ඇයගේ කටට ඔබා අනතුරුව ගම්ටේප් ගසා එලෙස අතවර කර තිබූ බව පොලිසිය සඳහන් කරයි
එම සිද්ධියෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මත් ලෝලියා වෙත පොරොන්දු වූ රුපියල් 20,000 /= ක මුදලද ලබා දීඇතැයිද විමර්ශන වලදී අනාවරණයවී ඇත
අදාල අපරාධය සම්බන්ධයෙන් එම කාන්තාව කරන ලද පැමිණිල්ලකට අනුව බස්නාහිර දකුණු දිශාව අපරාධ කොට්ඨාසයේ ඒකක හතර ස්ථානාධිපති ඉසුරු චාමික මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සීසීටිවි දර්ශන ඔස්සේ විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකය අයිස් මත්ද්‍රව්‍ය ගෑම්11 ක්ද සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව මෙම අපරාධය සිදුකිරීම සඳහා උපදෙස් ලබා දුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සතුව අයිස් මත්ද්‍රවය මිලිග්‍රෑම් 13.200 ක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය




